Sunday, August 18, 2019

රූප කලාප මොනවාද?

  1. අෂ්ටක කලාපයය
    1.  ශුද්ධාෂ්ටක කලාපය
  2. නවක කලාපයය - 3
    1. ජීවිත නවක
    2. කායවිඥප්ති නවක
    3. ශබ්ද නවක කලාප
  3. දශක කලාපයය - 9
    1. චක්ෂුර් දශක
    2. ශ්‍රෝත දශක
    3. ඝ්‍රාණ දශක
    4. ජිහ්වා දශක
    5. කාය දශක
    6. ස්ත්‍රී භාව දශක
    7. පුම්භාව දශක
    8. වස්තු දශක
    9. වාක්විඥප්ති දශක 
  4. ඒකාදශක කලාපයය
    1. ලහුතා ඒකාදශක 
  5. ද්වාදශක කලාපයය -2
    1. කාය විඥප්ති ලහුතාදි ද්වාදශක 
    2. ශබ්ද ලහුතාදි ද්වාදශක
  6. තේරසක කලාපයය
    1. වචීවිඤ්ඤත්ති සද්ද ලහුතාදි තේරසක 

යයි එක්වන්නාවූ රූප ගණන්වලට අනුව රූප කලාප සයක් වේ.



කර්මජ කලාප නවය - 9

1. ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය, චක්ෂුඃ ප්‍ර‍සාදය යන රූප දශය එක් වීමෙන් සෑදෙන කලාපය චක්ෂුර් දශක කලාප නම් වේ.
2. ජීවිත රූපය, අවිනිබ්භෝග රූප අටය යන මේ නවයට ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ශ්‍රෝත්‍ර‍ දශක කලාප නම් වේ.
3.     ඒ නවයට ඝ්‍රාණ ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ඝ්‍රාණ දශක කලාප නම් වේ.
4.    ඒ නවයට ජිහ්වා ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය ජිහ්වා දශක නම් වේ.
5.    කාය ප්‍ර‍සාදය එක් වීමෙන් සෑදෙන කලාපය කාය දශක නම් වේ.
6.    ස්ත්‍රී භාව රූපය එක්වීමෙන් සෑදෙන කලාපය ස්ත්‍රීභාව දශක නම් වේ.
7.    පුරුෂ භාව රූපය එක් වීමෙන් සෑදෙන කලාපය පුම්භාව දශක නම් වේ.
8.     හෘදය රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වස්තු දශක නම් වේ.
9.    අවිනිබ්භෝග රූප අටට ජීවිත රූපය එක් වීමෙන් සෑදෙන කලාපය ජීවිතනවක නම් වේ.

මෙසේ කර්‍මජ කලාප නවයක් වේ.

චිත්තජ කලාප සය - 6

1.     අවිනිබ්භෝග රූප අට ශුද්ධාෂ්ටක කලාපය නම් වේ.
2.    ඒ අටට කාය විඤ්ඤත්තිය ද එක් වීමෙන් සෑදෙන කලාපය කායවිඤ්ඤත්ති නවක නම් වේ.
3.   ඒ අටට වචී විඤ්ඤත්තිය හා ශබ්ද රූපය එක් වීමෙන් සෑදෙන කලාපය වචීවිඤ්ඤත්තිදසක නම් වේ.
4.    අවිනිබ්භෝග රූප අටට ලහුතාදි තුන එක් වීමෙන් සෑදෙන කලාපය ලහුතාදේකාදසක නම් වේ.
5.    අවිනිබ්භෝග රූප අටට කායවිඤ්ඤත්තිය හා ලහුතාදි තුන එක් වීමෙන් සෑදෙන කලාපය කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදසක නම් වේ.
6.    අවිනිබ්භෝග රූප අටට වචීවිඤ්ඤත්තිය හා ශබ්දයත් ලහුතාදි තුනක් එක් වීමෙන් සෑදෙන කලාපය වචීවිඤ්ඤත්ති සද්ද ලහුතාදි තේරසක නම් වේ. 
මෙසේ චිත්තක කලාප සයකි.

සෘතුජ කලාප සතර - 4

1.    ශුද්ධාෂ්ටක කලාපය
2.    ශබ්දනවක කලාපය
3.     ලහුතාදේකාදශක කලාපය
4.    ශබ්දලහුතාදි ද්වාදශක කලාපය
මෙසේ සෘතුජ කලාප සතරෙකි.

ආහාර කලාප දෙක - 2

1.     ශුද්ධාෂ්ටකය
2.    ලහුතාදේකාදශකය

මෙසේ ආහාරජ කලාප දෙකකි.


කලාපයන්ගේ පරිච්ඡේද මාත්‍ර‍ය වන බැවින් ආකාශ ධාතුව ද, කලාපයන්ගේ ලක්ෂණ මාත්‍ර‍යක් ම වන බැවින් ලක්ෂණ රූපසතර ද කලාපවලට නො ගැනේ.

අවිනිබ්භෝග රූප මොනවාද?

  1. පඨවි ධාතුව
  2. ආපෝ ධාතුව
  3. තේජෝ ධාතුව
  4. වායෝ ධාතුව
  5. වර්ණ 
  6. ගන්ධ 
  7. රස 
  8. ඕජා

මේ රූප 8 ඔවුනොවුන්ගෙන් වෙන් නො වන බැවින් අවිනිබ්භෝග රූප නම් වේ. ඉතිරි රූප 20 විනිබ්භෝග රූප නම් වේ.

රූප උපදවන හේතු මොනවාද?

  1. කර්මය
  2. චිත්තය
  3. සෘතුවය -  තේජෝධාතුවට 
  4. ආහාරය 

යි රූප උපදවන්නා වූ හේතු සතරෙකි.

රූප විසි අට


රූප 28 මොනවාද?

  1. පඨවි ධාතුව
  2. ආපෝ ධාතුව
  3. තේජෝ ධාතුව
  4. වායෝ ධාතුව
  5. චක්ෂුඃ ප්‍ර‍සාදය
  6. ශ්‍රෝත ප්‍ර‍සාදය
  7. ඝ්‍රාණ ප්‍ර‍සාදය
  8. ජිහ්වා ප්‍ර‍සාදය
  9. කාය ප්‍ර‍සාදය
  10. රූපය
  11. ශබ්දය
  12. ගන්ධය
  13. රසය
    1. ස්ප්‍ර‍ෂ්ටව්‍යය - 
  14. ස්ත්‍රීභාව රූපය
  15. පුරුෂභාව රූපය
  16. හෘදය රූපය
  17. ජීවිත රූපය
  18. ආහාර රූපය
  19. පරිච්ඡේද රූපය (ආකාශ ධාතුව)
  20. කායවිඥප්ති රූපය
  21. වාක්විඥප්ති රූපය
  22. ලහුතා රූපය
  23. මුදුතා රූපය
  24. කම්මඤ්ඤතා රූපය
  25. උපචය ය
  26. සන්තති ය
  27. ජරතා ය
  28. අනිච්චතා

විකාර රූප මොනවාද?

  1. ලහුතා රූපය, 
  2. මුදුතා රූපය, 
  3. කම්මඤ්ඤතා රූපය 


යන මේ තුන විකාර රූපයෝ ය.

භාවරූප මොනවාද?


  1. ස්ත්‍රීභාව රූපය 
  2. පුරුෂභාව රූපය 


යි භාව රූප දෙකකි.

ගෝචර රූප මොනවාද?

  1. රූපය
  2. ශබ්දය
  3. ගන්ධය 
  4. රසය 
  5. ස්ප්‍ර‍ෂ්ටව්‍යය 


යි ගෝචර රූප පසෙකි. විෂය රූප යනු ද ඒවාට නමෙකි. චක්ෂුරාදි ඉන්ද්‍රියන්ට ගොදුරු වන බැවින් ඒවාට ගෝචර රූපය යි කියනු ලැබේ.

ප්‍ර‍සාද රූප මොනවාද?

  1. චක්ෂුඃ ප්‍ර‍සාදය 
  2. ශ්‍රෝත ප්‍ර‍සාදය 
  3. ඝ්‍රාණ ප්‍ර‍සාදය 
  4. ජිව්හා ප්‍ර‍සාදය 
  5. කාය ප්‍ර‍සාදය 


යි ප්‍ර‍සාද රූප පසෙකි.

භූත රූප මොනවාද?

  1. පඨවි ධාතුවය, 
  2. ආපෝ ධාතුවය, 
  3. තේජෝ ධාතුවය, 
  4. වායෝ ධාතුව 

යයි භූතරූප සතරෙකි.