ප්‍රකීර්ණක චෛතසිකයෝ මොනවාද?
- විතක්කය,
- විචාරය,
- අධිමොක්ඛය,
- වීරියය,
- ප්‍රීතිය,
- ඡන්දය
යි ප්‍රකීර්ණක චෛතසිකයෝ සදෙනෙකි. ඒවා කියන ලද සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් මෙන් එකකුදු නො හැර සෑම සිතක ම නො ලැබී, එකුන් අනූවක්(91) වූ චිත්තයෙහි බොහෝ සිත්වල ලැබීම් වශයෙන් විසිර පවත්නා බැවින් ඒවාට ප්‍රකීර්ණක යන නම කියනු ලැබේ.